TELEMARKERS’ GUILD

ටෙලි නිර්මාණ ක්ෂේත්‍රියේ අධ්‍යක්ෂ, නිෂ්පාදක හා තිරරචක යන පුර්ණ සාමාජිකත්වයෙනුත්, රංගන ශිල්පී ශිල්පිනියන් කැමරා අධ්‍යක්ෂවරුන්, සංස්කරණ ශිල්පීන් යන සියලුම නිර්මාණ ශිල්පීන් ද ආශ්‍රීය සාමාජිකත්වයෙන් ද සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම හා දීර්ඝතම ක්‍රියාකාරී එකම සංවිධානය ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයයි. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය හෙවත් ‘ටෙලිනිස’ ආරම්භ කරන ලද්දේ 1993 වර්ෂයේදී.

1993 ජාතික රුපවාහිනී නාලිකාවේ විකාශය වෙමින් තිබු ‘අඩසද ‘ ටෙලි නාට්‍ය අතරමග නවතා දැමීමත් ‘මහාමේර පාමුල ‘ටෙලි නාට්‍යයේ කොටස් හිතු මනාලෙස කපා දැමීමටත් එරේහිව නිර්මාණකරුවන්ගේ අයිතියත්,ප්‍රේෂකයන්ගේ අයිතියත්, ටෙලි නිර්මාණ කර්මාන්තයත් ආරක්ෂා කිරීම වෙනුවන් 1993 දී ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදය පිහිටුවා ගනු ගන්නා ලදී.

ටෙලි නිර්මාණ වේදීන්ගේ ආරම්භක ගරු සභාපතිවරයා වුයේ ආචාර්ය තිස්ස අබේසේකරයන්ය , ගරු ලේකම් ලෙස නීතිඥ ඩග්ලස් සිරිවර්ධනයනය ද ගරු භාණ්ඩාගරික ලෙස බන්දුල වීරක්කොඩි ද වුහ.සංවිධානයේ කැදුවුම්කරුවුයේ සුදත් රෝහන්යන්ය.

ඉන්පසු පිළිවෙලින් සේමවිර සේනානායක, සච්ත්චන්ද්‍ර එදරිසිංහ, බෙනට් රත්නායක, බන්දුල වීරක්කොඩි, රවිත් ගුරුගේ, නාලන් මෙන්ඩිස්, උදයකාන්ත වර්ණසුරිය, සුදත් රෝහණ, ආනන්ද අබේනායක, සුරෙශ අබේසේකර, ඩග්ලස් සිරිවර්ධන අතර මාදව ජයසේකර යන විශිෂිට නිර්මාණකරුවන් සංසදයේ ගරු සභාපතිත්වය දරා ඇත.

රාජ්‍ය හා පෞද්ගලික රුපවාහිනී නාලිකාවන්හි ප්‍රධානින් සමග නිරන්තර ගනුදෙනුවක යෙදෙමින්ද, අදාල අමාත්‍යවරුන්, අගමැතිවරුන් හා ස්ථාධ්පතිවරුන් සමගද සාකච්චා පවත්වමින් ජාතික ප්‍රතිපතියක් රුපවාහිනී මාධ්‍ය සදහා ගෙන ඒමට ද ඒ තුලින් ටෙලි නිර්මාණ කර්මාන්තය ස්ථවර කිරීමට ගුණාත්මක භාවය රැක ගැනීමටත් කලාකරුවන්ගේ වმත්තිය ගරුත්වය ආරාක්ෂා කිරීමටත් මහත් ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය උසස් කිරීමත් මහත් ප්රිფමයක් දරමින් සිටි.

සිංහල දෙබස් කථා විකාශය කරන විදේශීය අවරගනයේ ටෙලි නාට්‍යවලට එරෙහිව සටන් කර සිමා කිරීමටත් බදු ප්‍රතිපත්තියක් සකස් කර රාජ්‍ය තුලින් ඒවා ක්‍රියාත්මක කිරීම්, ප්‍රසිද්ධ රුගුම් පාලන මණ්ඩලයට ටෙලි නාට්‍ය ඇතුලත් කර ප්‍රමිතියන් යුතු නිර්මාණ අනුමත කිරීම, රාජ්‍ය නාලිකා සදහා උපරිම කොටස් ප්‍රමාණය 100 දක්වා සිමා කිරීම, ජාතික රුපවාහිනියට හා ස්වාධින රුපවාහිනයට ටෙලි නාට්‍ය අත් කිරීමට වැඩ පිළිවෙලවල් සදහා අදහස් හා යෝජනා ලබා දීම වැනි ටෙලි කර්මාන්තය ආරක්ෂා කිරීමට වැඩ පිළිවෙල් වල් සදහා මුලිකත්වය ගෙන කටයුතු කිරීම, සුනාමි ගංවතුර ආදී විපත් වලදී පිඩාවට පත් කලාප වලට සහන සැලසීම, ජාතික ප්‍රශ්න වලදී කලාකරුවන් එක්කොට සහන ලබාදීම කලාකරුවන් වෙනුවන් වටිනා රක්ෂණාවාරයක් ලබා දීම, විදේශීය ටෙලි නාට්‍ය හඩ කවා ගෙන්විමදී අය කල බදු මුදල් වලින් ‘රන්මිහිතැන්න’ ටෙලි සිනමා උදන්‍යා බිහි කිරීමේ ප්‍රධාන දායකත්වය ලබා දීම, කලාකරුවන්ගේ අනන්‍යතාවය වෙනුවන් පිළිගත හැකි හැදුනුම්පතක් ලබා දීම වැනි ජාතික කටයුතු වලට මුලිකත්වය ලබා දී ඇත.

එමෙන්ම දැනුම් හා අවබෝධය වෙනුවෙන් සය මාසික ‘ටෙලිනිස පුවත් ‘ නිකුත් කිරීමටද ‘ටෙලිනිස සගරා’ එළිදැක්වීමද කර ඇත.තවද ටෙලි නිර්මාණ ක්ෂේත්‍රියේ සියලු කලාකරුවන් වෙනුවෙන් වසරින් වසර යාවත් කාලින කරන ‘ටෙලිනිස කලාකරු නාමාවලිය’ කිරීම හා වරින් වර විවිධ ප්‍රකාශන එළිදැක්වීම හා ඒවා නෙමිලේ බෙදා හැරීමද සිදු කෙරෙනු ඇත.

ඒ හා සමගම සෑම වසරකම මහා සභා සංවත්සර පවත්වමින් විශිෂ්ට කලාකරුවන් සදහා සංසදයයේ ගරු සාමාජිකත්වය පිරිනැමීම සිදුවේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්, ටයිටස් තොටවත්ත, ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය ධර්මසේන පතිරාජ, සුමිත්‍ර පිරිස්, ආචාර්ය ඩි .බ් නිහාල්සිංහ, පණ්ඩිත අමරදේව, අයිරාංගනී සේරසිංහ, සෝමලතා සුබසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ජයලත් මනෝරත්න, නන්ද මාලනි, සුනිල් එදිරිසිංහ, ලුෂන් බුලත්සිංහ, රත්නාවලී කැකුණවෙල, ලියෝනි කොතලාවල, නඩරාජා සිවම් වැනි සුවශෙෂි කලාකරුවන් සදහා ගරු සාමාජිකත්වය පිරිනමා ඇත.

එමෙන්ම උසස් රුචිකත්වය ඇති කිරීමේ පරම චේතනාවෙන් යුතුව විශ්ව විද්‍යාල, පාසල් හා සමාජ ප්‍රජා මට්ටමින් ‘ටෙලිනිස රසවින්දන ‘ වැඩ සටහන් ලංකාව පුරා නොමිලේ පවත්වනු ලබයි. තවද වმත්තිය අධ්‍යක්ෂවරුන් ජාතියන්තර මට්ටමින් දැනුවත් කිරීමේ වැඩ සටහන්ද, අධ්‍යක්ෂවරුන් පිලිබදව ටෙලිනිස පාඨමාලාවන් ද රංගනය පිලිබදව ටෙලිනිස පාඨමාලාවන් ද පවත්වාගෙන යමින් සිටි.

තවද අප සංගමයේ හිටපු සභාපති සෝමවීර සේනානයක වෙනුවන් 2007 වසරේ ‘ සෝමවීර ප්‍රතිභා ප්‍රභා’ නමින් අති ගෞරවනිය උපහාර උළෙලක් B.M.I.C.H හිදී ඉන්පසු 2010 වසරේදී ටෙලිනිස සාමජික හිටපු සභාපති ප්‍රවීන රංගධර කලාසූරී ‘සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රතිභා ලෝකන’ නමින් අති උත්සවාකාරයෙන් උළෙලක් 2014 වසරේ ද විශිෂ්ට සිනමා ආචාර්ය තිස්ස අබේසේකරවන් ඇගයීමට ‘තිස්ස අබේසේකර චරිතාප්‍රදානය’ අතිගරු ජනාධිපතිතුමන් හා රාජ්‍ය මැතිතුමන්ගේ ප්‍රධානත්වයේන් පවත්වන් ලදී. එම උළෙලේ තිස්ස අබේසේකරයන් වෙනුවෙන් සමරු මුද්දරයක් ද කෙට් චිතුපට තරගයක් පවත්වන් ලදී. ඉන් පසු එතුමන් වෙනුවෙන් ‘තිස්ස තිස්ස’ නම් කმතියද එලි දක්වන ලදී.

මෙවැනි විශාල කාර්ය භාරයක් නියැලී සිටින ටෙලි නිර්මන්වේදීන් ගේ සංසදයේ එකම අරමුණ යහපත් ගුණාත්මක ටෙලි නිර්මාණ කලාවක් බිහි කිරීමත්, කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරිමත්, නිර්මාණ කරුවන්ගේ ශිල්පීන්ගේ අනන්යතාව ස්ථාපිත කිරිමත්, උසස් ප්‍රේක්ෂක රසවින්දනය ඇති කිරීමත්ය.

Mission

යහපත් ගුණාත්මක ටෙලි නිර්මාණ කලාවක් බිහි කිරීමත්, කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරිමත්, නිර්මාණ කරුවන්ගේ ශිල්පීන්ගේ අනන්යතාව ස්ථාපිත කිරිමත්, උසස් ප්‍රේක්ෂක රසවින්දනය ඇති කිරීමත්ය.

CONTACT US

We're not around right now. But you can send us an email and we'll get back to you, asap.

Sending

©2019 Tele Nisa Srilanka. All Rights Reserved. Design By sameerashan.com

Log in with your credentials

Forgot your details?